Grab this

Friday, August 26, 2011

ලොව ප්රථම පරිගණක ක්රීඩාව


අද මම අරගෙන ආවේ ලෝකයේ ප්රථම පරිගණක ක්රිඩාව ගැන තොරතුරු ටිකක්.ලෝකයේ ප්රථම පරිගණක ක්රීඩාව තමයි "Spacewar!" කියන පරිගණක ක්රීඩාව.ඒක ක්රම ලේඛනය කරලා තියෙන්නේ Steve Russell කියන පුද්ගලයා විසින් වන අතර නිකුත් කරලා තියෙන්නේ 1962 පෙබරවාරි මාසයේ. "Spacewar!" පරිගණක ක්රී ඩාව ප්රථමයෙන්ම ක්රියාත්මක කරල තියෙන්නේ DEC PDP-1 කියන පරිගණකයේයි.


මෙම ක්රී‍ඩාවේදී අභ්යයවකාශ යානා දෙකක් ඇති අතර ක්රී ඩකයා විසින් එක් යානාවක් තරුවක් වටා තරුවේ ආකර්ශන ශක්තිය උපයෝගී කරගෙන වේගයෙන් පැදවිය යුතු අතර තරුවේ නොගැටෙමින් අනෙක් යානාව විනාශ කල යුතුය.ඒ සදහා යානාව සතු මිසයිල භාවිතා කලයුතුය.

මෙම ක්රී ඩාව මොන වගේද කියලා මෙතනින් ගිහින් සෙල්ලම් කරලම බලන්න කෝ.හැබැයි මේ ප්රථම ක්රීඩාව නම් නෙවෙයි.ඊට සමානව පසුකාලීනව ජාවා පරිගණක භාෂාව උපයෝගී කරගෙන හදපු එකක්.

අදට ඔය ඇතිනේ ...ඔන්න මම යන්නයි හදන්නේ...යන්න කලින් හැමදාමත් වගේ කියන්නේ මගේ වැරදි අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්න කියලා.ඒ ගමන් කමෙන්ටුවකුත් දාලම යන්න කෝ......

ප:ලි:
මෙම පරිගණක ක්‍රීඩාව මහජනයා වෙත නිකුත් කරන ලද ලොව ප්‍රථම පරිගණක ක්‍රීඩාව වන අතර එයට ප්‍රථමයෙන් 1947,1952,1958 යන වර්ෂ වලදී නිර්මානය කරන ලද පරිගණක ක්‍රීඩා මහජනයා වෙත නිකුත් කිරීමක් සිදු නොවිනි.

1 comment:

  1. http://www.adureneliyata.blogspot.com/2011/07/blog-post.html
    මේක බලලා ලියන්න පුරුදු වෙන්න

    Word verification අයින් කරගන්න

    ReplyDelete