Grab this

Friday, August 12, 2011

USB (Universal Serial Bus)

අද මම කියන්න යන්නේ USB Port එක ගැන වැදගත් තොරතුරු ටිකක්.මම හිතන්නේ USB Port එ‍කෙන් වැඩක් නොගත්තු කෙනෙක් නැති තරම්.ඒත් මේ ගැන වැඩි යමක් නොදන්න මේ ගැන උනන්දු අයට මම අද කියන්න යන දේ ඉතාමත්ම වැදගත් වේවි කියලා මම හිතනවා.....

ඇත්තටම මොකක්ද මේ USB Port එක කියන්නේ..?



1996 ජනවාරි මාසයේ USB 1.0 සොකට්ටුව පරිගණක යන්ත්රෙ වල තොරතුරු හුවමාරු මාධ්ය යක් වශයෙන් USB ප්ර්මිති සාදන ආයතනය වන USB – IF (Universal Serial Bus – Implementers Forum) විසින් තාක්ෂණික ලෝකයට හදුන්වා දුනි. පරිගණක හා ඉලෙක්ට්රොණනික උපාංග නිශ්පාදන ක්ෂේත්ර යේ ප්රeමුඛයන් ගෙන් සමන්විත
 මෙම කණ්ඩායම සෑදී සිටින්නේ ඇපල් සමාගම,හෙව්ලට් පැකාඩ් සමාගම,නෙක් සමාගම,මයික්රො සොෆ්ට් සමාගම ‍මෙන්ම ඉන්ටෙල් සමාගම යන සමාගම් වලිනි.


නමුත් මෙම සොකට්ටුව ඉන්ටෙල් සමාගමේ විද්යා ඥ අජේ භාත් හා බාලා කඩම්බි කියන දෙදෙනා විසින් තමයි ලොවට හදුන්වා දුන්නේ.

                                                 ඉන්ටෙල් සමාගමේ විද්යා ඥ අජේ භාත්

මෙලෙස හදුන්වා දුන් USB 1.0 සොකට්ටුව හරහා තත්පරයට මෙගා බිට් 12ක (12Mbps) වේගයෙන් තමයි තොරතුරු හුවමාරු වුනේ.ඒ හුවමාරුව මෙගා බයිට් නම් 1.5 (1.5MBps) කි.


(පරිගණකයේ ගොනුවක ගබඩා වී ඇති තොරතුරු මනින්නේ මෙගා බයිට්(MB) වලින් වන අතර මෙගා බිට්(Mb) වලින් මනිනු ලබන්නේ හුවමාරු වන තොරතුරු ප්ර මානයයි.තත්පරයට මෙගා බයිට් 1ක ගොනුවක් මෙගා බිට් 8ක් වශයෙන් සම්ප්රේෙශණය වෙයි.)

USB 1.0 හි තිබෙ අඩුපාඩුවක් ලෙස එහි පැවති අඩු සම්ප්රේශණ වේගය මගහරවා USB 2.0 නිර්මාණය කල අතර එය 2000 අප්රේල් මස එලි දැක්වීය.

එහි සම්ප්රේශණ වේගය තත්පරයට මෙගා බිට් 480(480Mbps)ක් හෙවත් තත්පරයට මෙගා බයිට් 60(60MBps)කි.එනම් එය USB 1.0 ට වඩා 40 ගුණයකින් වේගය වැඩිය.

USB 2.0 ට වඩා දස ගුණයකින් වේගවත් කොට USB 3.0 2007 සැප්තැම්බර් 18 දින ඉන්ටෙල් ඩිවලොප් ෆෝරම්හිදී එලි දැක්වීය.එහි දත්ත හුවමාරු වේගය තත්පරයට ගිගාබයිට් 4.8(4.8GBps) තරම් වේ.

මෙම USB 3.0 සොකට්ටුව පරිගණක හා සම්බන්ද කිරීම සදහා ද හෙව්ලට් පැකාඩ් සමාගම,නෙක් සමාගම,මයික්රොස සොෆ්ට් සමාගම ‍මෙන්ම ඉන්ටෙල් සමාගම යන සමාගම් එක්ව USB 3.0 Promoter Group ලෙස ඒක රාශීවී ඇත.



අදට ඔච්චරයි....කලින් ලිපියේ වගේම මේ ලිපියේත් වැරදි අඩුපා තියෙනවනම් මට පෙන්වා දෙන මෙන් මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා... 

එහෙනම් ඔන්න අපි ගියා...........:-)



1 comment:

  1. නියමයි..... වැඩේ කියන්නේ අපට අල්ලපු රටේ එකෙක්නෙ ඕක හොයාගත්තෙ. තව පොඩ්ඩක් පහලට උනානං. මේ word verification එකනම් අවුලක් සහෝ.

    ReplyDelete