Grab this

Saturday, August 6, 2011

මොකක්ද මේ NVQ ………..?

ඇත්තටම මොකක්ද මේ NVQ කියන්නේ ?මම කාලෙකට පස්සෙ ඇවිත් ඉස්සෙල්ලම කියන්න යන්නේ මේ ගැන තමයි.හැබැයි ඉතින් මමත් මේ ගැන ටිකයි දන්නේ.ඉතින් මම හිතුවා මම දන්න ටික අපේ යාලුවන්ටත් කියන්න.මේකේ වැරදි තියෙනවනම් පෙන්වා දෙන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා 


NVQ කියන්නේ National Vocational Qualification නැත්නම් ජාතික වෘත්තීය නිපුනතාව යන්නයි. ශ්රී ලංකා වෘත්තීය පුහුනු අධිකාරිය මගින් නිකුත් තරනු ලබන මෙම සහතිකය අදියර 7ක් යටතේ නිකුත් කරනු ලබනවා.ඒ අදියර NVQ Level 1 ඉදලා
 NVQ Level 7 දක්වා ලබා දෙනු ලබනවා.

මමත් ඉතින් ලියාගෙන ලියාගෙන ගියා ඔයාලත් බලා ගෙන බලා ගෙන ගියා මිසක් මොකක්ද මේ ශ්රීය ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කියලා කියන්න බැරි වුනානේ 


ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ගැන මම කියනවට වඩා හොදයි ඒ අයගෙන්ම අහල දැන ගන්න එක ඒ සදහා මෙතනින් ගිහින් බලන්නකෝ.

මමත් හොයාගත්ත කරුනු ටිකක් කියන්නම් .


“ශ්රීා ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යෟවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්යංරශය යටතේ ක්රිුයත්මක වන ප්රආමුක ආයතනයකි.1995 වර්ශයේ ආරම්භ වු මෙම ආයතනය ප්රා්දෙශීය/දිස්ත්රිවක් හා ජාතික වශයෙන් දිවයින පුරා පිහිටි පුහුණු මධ්ය්ස්ථාන 272ක වෘත්තීය පුහුණු පාඨමාලා 84ක් ක්රි යාත්මක කරමින් දිවයිනේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් වැඩිම පිරිසකට වෘත්තීය පුහුණුව ලබාදෙන ප්රණමුඛ පෙළේ රාජ්යි ආයතනයකි.”

ඔන්න ඉතින් මම හොයා ගත්ත විදියටම ඔයාලටත් කිවිවා.
ආයෙත් හැරෙමු මේ NVQ පැත්තට.මම කිව්වනේ NVQ අදියර වශයෙන් දෙනවය කියලා.ඉතින් මෙ අදියර මොනවද කියලා අපි දැන් බලමු.


NVQ Level 1 - මූලික හා ආරම්භක හැකියාව ඇති ශිල්පීන්.

NVQ Level 2 - නිරන්තර අධීක්ෂණය යටතේ ක්රිියා කරන ශිල්පීන්.

NVQ Level 3 - සුලු මටිටමක අධීක්ෂණය යටතේ ක්රිරයා කරන.

NVQ Level 4 - ස්වාධීනව කටයුතු කල හැකි ශිල්පීන්.

NVQ Level 5 - සුපරීක්ෂකවරුන් (ඩිප්ලෝමා).

NVQ Level 6 - කළමණාකරුවන් (උසස් ඩිප්ලෝමා).

NVQ Level 7 - සැලසුම්කරුවන් (තාක්ෂණ උපාධි).



ඔන්න ඔහොම තමයි NVQ සහතික පත්ර් ලබා දෙන්නේ.

මේ ගැන වැඩි දුර තොරතුරු හා NVQ සහතික පත්‍ර ලබා  ගැනීම සදහා හැදෑරිය යුතු පාඨමාලා ගැන මෙතනින් ගිහින් බලන්න

අදට ඔය ඇතිනේ .? මගේ වැරදි අඩුපාඩු එහෙම තියෙනව නම් පෙන් වල දෙන මෙන් මම නැවත වරක් ඉල්ලා සිටිනවා.







6 comments:

  1. ම්ම් ගොඩක් වැදගත් ලිපියක් මාත් මේක කරනවා ලෙවල්3 සම්පූර්ණ කරලා දැන් 4 කරන්නයි ඉන්නෙ.මේකේ 7වෙනි ලෙවල් එක ඒකියන්නෙ උපාධිය ගන්න තාම බෑ මයේ හිතේ.ඒකත් ඉදිරියට කරාවි.මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගොඩක් වටිනවා.ඉස්සරහට විදේශගත වෙන අයට,හොද රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන අයට මේක ගොඩක් අවශ්‍යය වේවි.
    ගොඩක් ස්තුතියි අපිත් එක්ක තොරතුරු බෙදාගත්තාට..

    ReplyDelete
  2. ඇත්තටම හොඳ ළිපියක්.මමත් දැනට රත්නපුර-බටුහේන වෘත්තීය පුහුණු අධිකාරියේ ලෙවල් 3 දක්වා ඉලෙක්ට්‍රොනික් අංශයෙන් ඉගෙන ගන්නවා.බලන්නකෝ පහල තියෙන ලින්ක් එකටත් ගිහිල්ලා.තවම බ්ලොග් එක හදාගෙන යනවා.

    http://batuhenavta.blogspot.com/

    ReplyDelete
  3. මේකේ හුඟාක් නිවැරදි වියයුතු තැන් තියනවා සහෝ.... මම මේගැන කමෙන්ටුවකින් කියනවට වඩා හැමෝම දැනුවත්වන ආකාරයට ලිපියකින්ම කියන එක හොඳයි කියල හිතුනා... මම ලිපිය ලියලම ලින්ක් එක දාන්නම්

    ReplyDelete
  4. මේක මහා බොරුවක්

    ReplyDelete